රනිල්ට වඩා ජනාධිපති අපේක්‍ෂකත්වයට සුදුසු අය පොහොට්ටුවේ ඉන්නවා..

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීලග ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස පොහොට්ටුවෙන් පත් කිරීමට යෝජනා වෙමින් ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ අමාත්‍යවරයෙකුට පුද්ගලික මතයක් තිබිය හැකි බවයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට වඩා ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් ඇති අය පොදුජන පෙරමුණේ ඇත්දැයි මාධ්‍ය විසින් කළ විමසීමකට ඔහු කියා සිටියේ පක්ෂය තුළ ඒ සඳහා සුදුස්සන් ඇති බවයි.

ඔහු මෙම අදහස් පල කලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Post a Comment

0 Comments