හරක් කටාගේ හවූල්කාර කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට...

 

මැඩගස්කර රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැක කරන පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි


අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත මිරිහාන උප ඒකකයේ රාජකාරී කළ අයෙකි


කොස්තාපල්වරයා සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 74 ක් හා ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත


විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත


පිටකෝට්ටේ සිරිකොත ගොඩනැගිල්ල ඉදිරිපිටදී මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 64 ක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව  ඔහු පදිංචි පිටකෝට්ටේ ඩේසි මාවතේ නිවස පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි


සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මාතර වැලිගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට හැකි වී ඇති බවයි


 සැකකාර කොස්තාපල්වරයා ජංගම දුරකථන දෙකක් සමඟ මිරිහාන පොලිස් පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය


සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත

Post a Comment

0 Comments