දෙවැනි ටෙස්ට් තරගයට ප්‍රබල ක්‍රීඩකයෙක් එක්වෙයි...

 

ශ්‍රී ලංකා-අයර්ලන්ත දෙවැනි ටෙස්ට් තරගය සඳහා එක්වීමට ප්‍රබල ක්‍රීඩකයෙක් මෙරටට පැමිණ තිබේ.


ඒ අයර්ලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන පෝල් ස්ටර්ලින් ය.


ඔහු පළමු ටෙස්ට් තරගය සඳහා විවේක ගැන්වීමට එරට ක්‍රිකට් බලධාරීන් පියවර ගනු ලැබුවේය.


ඔහු සිය කණ්ඩායම සමග එක්වීම සඳහා ඊයේ (20) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


ශ්‍රී ලංකා-අයර්ලන්ත දෙවැනි ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 24 වනදා ආරම්භ වීමට නියමිතයි.

Post a Comment

0 Comments