තමන් පොහොට්ටුවෙන් එළවීමට බැසිල් රාජපක්ෂ මහතාට නොහැකි බවත් තමන් රාජපක්ෂලාට බය වහලෙක් නොවන බවත් මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ නොව මහින්ද රාජපක්ෂට වුවද කියන්න ඇති දේ තමන් මුහුණටම කියන බවද හෙතෙම කියා සිටී.
දේශපාලනය කළ නොහැකිව බැසිල් රාජපක්ෂ බැහැලා ගියත් තමන් බැහැලා යන මිනිහෙක් නොවන බවද ඔහු සඳහන් කර තිබේ.
ඔහු මේ අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
මෑතකදී බැසිල් රාජපක්ෂ මහතා සහ තමන් අතර වූ වචන හුවමාරුවේ හඬ පටය මුදාහැරියේ කවුදැයි සොයා බැලීම සඳහා පොදු ජන පෙරමුණ ඇතුලේ පරීක්ෂණයක් සිදුකරන බවත් එය සිදු කරන ලද්දේ කවුරුන් හෝ නොහොඹිනා මිනිහෙක් බවද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.
0 Comments