මිරිහානේ පිහි ඇනුම කළ ඝාතකයා කොටුවෙයි...

 

ඥාති සොයුරන් අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකර පලා ගිය පුද්ගලයා මත්තේගොඩ ඉන්ධන පිරවුම් හලක් අසලදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.


සිද්ධියෙන් මියගොස් ඇත්තේ කෝට්ටේ මිරිහාන ගල් වල පාර පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි.


බරපතළ තුවාල ලද පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.


ඊයේ(23) දෙපාර්ශවය මත්පැන් පානය කිරීමෙන් අනතුරුව බහින් බස්වීම සිදුවී මෙම පිහි ඇනුම සිදු වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.


බරපතල තුවාල ලද පුද්ගලයා රක්වාන පදිංචි කරුවෙකි.


 සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments