අසීලාචාර අංග ඇතුළත් අවුරුදු උත්සව සංවිධානය කළ සංවිධායකවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බුද්ධශාසන සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක තීරණය කර ඇත.
එම උත්සව සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා තොරතුරු සොයා බලා ගෙන යන බව බුද්ධ ශාසන අමාත්‍යංශය පවසයි.
අසීලාචාර අංග ඇතුළත් අවුරුදු උත්සව ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වා ඇති බවට බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.
ලිංගික ක්‍රියාකාරකම් ඉස්මතු වන ආකාරයේ විශේෂාං්ග ඇතුළත් කරමින් එම අවුරුදු උත්සව සංවිධානය කර තිබූ බව පැවසේ.

0 Comments