අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න සූදානමක්...

 

ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත්, ලබන සතිය වන විට හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.


ජනාධිපති මේ බව පැවසුවේ, අද (19) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින්.


එමෙන්ම, දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයකට ගැනීම ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

Post a Comment

0 Comments