හිටපු රග්බි සභාපතිගෙන් පොලීසියට පැමිණිල්ලක්...

 

ශ්‍රී ලංකා රග්බි සංගම් මූලස්ථානයට හදිසියේ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් රග්බි සංගමයේ හිටපු රිස්ලි ඉල්ලියාස් කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


රග්බි සංගමය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් ගොනුවෙමින් පවතින පසුබිමක මෙලෙස රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තැබීම ගැටලුසහගත බව ඔහු පොලීසිය වෙත පවසා ඇත.


අදාළ නඩුවලට සම්බන්ධ ලිපිගොනු අස්ථාන ගතවුවහොත් එහි වගකීම ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් භාරගත යුතු බව පවසමින් රග්බි සභාපතිවරයා කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර තිබේ

Post a Comment

0 Comments