උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්...

 

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.


එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ උතුරු - මැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චි, වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය' යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.


වැඩබිම් තුළ සේවය කරන පිරිස් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් වන ලෙසට එම දෙපාර්තමේන්තුව පවසයි.


වාහන තුළ කුඩා ළමුන් තනියම රඳවා නොයන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටී.


එමෙන්ම එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සෙවණ ඇති ස්ථාන වල රැදීම මෙන්ම ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් එම නිවේදනය මගින් ඉල්ලා සිටී.


Post a Comment

0 Comments