මැයි මාසය අවසන් වීමට ප්‍රථම විද්‍යාපීඨ සඳහා අලුත් සිසුන් කණ්ඩායම් බඳවාගෙන අවසන් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත ඊයේ (28) පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී කියා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේ සිසුන්ට අමාත්‍යාංශය පිරිනමන රු. 5000 දීමනාව සහ රැකියාව ලැබුණු පසු ගෙවීමේ පදනම මත බැංකු හරහා දෙන රු. 15,000ක ණය මුදල ද පිරිනමන බවයි.
මේ වන විට ගුරු අධ්‍යාපනඥ සේවය තුළ සිටින්නේ 40%ක් බවත්, ඒ සඳහා අවශ්‍ය පිරිස් බඳවාගැනීමද ඉක්මනින් සිදු කරන බවත් ඔහු කියා සිටියා.
අපොස උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය මත විෂය වර්ගය අනුව කුසලතා පදනම සහ දිස්ත්‍රික් පදනමින් අයදුම්පත් කැඳවා, සම්මුඛ පරීක්ෂණය පවත්වා තිබෙන බවත්, එහි ඇගයුම් කටයුතු අවසන් අදියරේ තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කළා.
0 Comments