දෙවුන්දර තුඩුවේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට චීනයෙන් යෝජනාවක්...

 

ශ්‍රී ලංකාව තුළ රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.


ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරන පරිදි ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ආශ්‍රිතව අදාළ රේඩාර් පද්ධතිය පිහිටුවීමට යෝජනා කර ඇත.


ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියාවේ නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම එම රේඩාර් පද්ධතිය පිහිටුවීමේ අරමුණ බව අදාළ වාර්තාවේ සඳහන් වේ.


දෙවුන්දරතුඩුව ආශ්‍රිත කැලෑ ප්‍රදේශයක ඉදිකිරීමට යෝජනා කර ඇති අදාළ රේඩාර් පද්ධතිය චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යාවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය විසින් මෙහෙය වීමට නියමිතය.


අදාළ රේඩාර් පද්ධතිය ස්ථාපිත කළහොත් දියාගෝ ගාසියා දූපතේ අමෙරිකා එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ හැකියාව ද ඇති බව ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.


මෙම නිරීක්ෂණ පද්ධතිය මගින් නැගෙනහිර අන්දමන් සහ නිකෝර්බා දූපත් දක්වා පරාසයක ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින බව ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Post a Comment

0 Comments