ඉංජිනේරුවරයෙක් අභිරහස් ලෙස මිය යයි...

 

මඩකලපුව රෝහලේ වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා නිවස තුළ අබිරහස් අයුරින් මියගොස් සිටියදී ඊයේ (11) දහවල් හමුවූ බව කහතුඩුව පොලිසිය පවසයි


මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ජයලියගම  සියඹලාගොඩ පදිංචිව සිටි 58 හැවිරිදි අයෙකි.


යාබද නිවසේ පුද්ගලයා මෙම නිවසින් කිසිදු ශබ්දයක් නොවීම හේතුවෙන් තවත් පුද්ගලයකු සමඟ පැමිණ නිවසේ දොර ජනේලවලට ගසා ප්‍රතිචාරයක් නොවූ හෙයින් නිවසේ ජනෙලය විවෘත කරගෙන ඇතුළු වී කාමරය පරීක්ෂාකර අනතුරුව සාලය වෙත පැමිණ බැලීමේදී ඉංජිනේරුවරයාට නිවසේ සාලයේ හාන්සි පුටුවක් අසල මුනින් අතට ලේ විලක් මැද මැරී වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය පවසයි


එම පුද්ගලයා කහතුඩුව පොලිසියට කරන ලද දැනුම් දැනුම්දීමකට අනුව පොලිස් නිලධාරීන් එම නිවස වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබුණි


ඉංජිනේරුවරයා පමණක් නිවසේ තනිවම සිට ඇති අතර ඔහුගේ බිරිඳ මඩකලපුව ප්‍රදේශයේ රෝහලක සේවය කරන බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත


ඉංජිනේරුවරයාගේ මරණය සම්බන්ධව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත

Post a Comment

0 Comments