සිපෙට්කෝ කිසිදු මුදලක් අය නොකොට තෙවන පාර්ශ්වයකට පවරා දීමට යයි..?

 


ආණ්ඩුව විසින් මේ මොහොතේ සිදුකිරීමට යන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකිණීමකට හෝ ප්රතිව්යුහගත කිරීමට නොව කිසිදු මුදලක් අය නොකොට තුන්වන පාර්ශ්වයකට පවරා දීමට බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පොදු සේවක සංගමය සභාපති අශෝක රන්වල මහතා පවසයි.

මේ පිටුපස ඇත්තේ ඇමතිවරයාගේ සහ ආණ්ඩුවේ කොමිස් ගැසිල්ලක් බවත් ඔහු සඳහන් කරයි.

හුදෙක් මෙය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මංකොල්ලකෑමක් බවත් අද වන විට හමුදාව පොලීසිය යොදවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරම් සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඇමතිවරයා වෘත්තීය සමිති නායකයන් වලකට දමා සිරකොට අද වන විට ‘සැපද’ කියා අසන තත්ත්වයකට පත්ව ඇති බවත් රන්වල මහතා වැඩිදුරටත් පවසයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

Post a Comment

0 Comments