නිවස අසළ දෙල් ගසකට නැග රූපවාහිනී ඇන්ටනාවක් සවිකරමින් සිටි පුද්ගලයෙක් එම ඇන්ටනා වයරය අධිබලැති විදුලි රැහනක ගැටී විදුලි සැරවැදී ගසෙන් බිමට වැටී මියගොස් ඇති බව කන්දකැටිය පොලිසිය පවසයි
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල මහියංගණය මාර්ගයේ 16 කනුව ප්‍රදේශයේ පදිංචිව 56 හැවිරිදි පුද්ගලයෙකි .
ඔහු ඊයේ (23) පස්වරුවේ දෙල්ගසට නැග ඇන්ටනාව සවිකිරීම සඳහා එහි වයරය ගසේ සිට නිවසේ වහල මතට විසිකිරීමේදී ඒ ආසන්නයේ වූ අධිබලැති විදුලි රැහැනකට ගැටී මෙලෙස විදුලිසැර වැදී බිමට වැටී ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරයි.
පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත දේහය බදුල්ල මහ රෝහලට එවා තිබේ .
කන්දකැටිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවතිවයි .

0 Comments