සැකකරුවෙකු නොමැති ගංජා තොගයක් අත්අඩංගුවට...

 

යාල රක්ෂිතයේ ගෝනගංආර, දිවුලන්ගොඩ ප්‍රදේශයේ දී ඊයේ(08) පෙරවරුවේ පොලිස් විශේෂ කාර්‍ය බලකා බුත්තල කඳවුරේ නිලධාරීන් විසින් කල මෙහෙයුමක දී ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.


ලද තොරතුරු මත ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් ඊයෙ උදෑසන කරන ලද නිරීක්ෂණයකින් අනතුරුව මෙම වැටලීම සිදුකළ බව පොලිසිය පවසයි.


කෙසේ නමුත් මෙම වැටලීම සිදුවන අවස්ථාවේ දී සැකකරුවෙකු නොමැතිව පොහොර බෑග් 07ක සඟවා තිබූ වියලි ගංජා 122Kg ප්‍රමාණයක් සහ බෙහෙත් කොටන ගිනි අවියක් විශේෂ බලකාය භාරයට ගෙන පොලිසිය වෙත බාර දී තිබේ.


මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගෝනගංආර පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Post a Comment

0 Comments