දිස්ත්‍රික්ක අටක් රත්වෙයි

 

දිස්ත්‍රික්ක අටක උණුසුම් දර්ශකය ඉහළ ගොස් තිබෙන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.


අනුරාධපුර, කුරුණෑගල, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, මන්නාරම, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය ඉහළ ගොස් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


මෙම දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය 39ත් 45ත් අතර අගයක පවතින අතර, මෙම තත්ත්වය තුළ වැඩි වේලාවක් අව්වට නිරාවරණය වීමෙන් සහ ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් තෙහෙට්ටු තත්ත්වයක් ඇතිවිය හැකි බවත්, ක්‍රියාකාරකම්වල නිරතවීම මගින් සිරුරේ විජලනය සහ ලවණ තත්ත්වය ඉවත්වීම නිසා මස්පිඬු පෙරලීම් සිදුවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.


වැඩ බිම් තුළ සිටින ජනතාව ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනිවම රඳවා නොයන ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Post a Comment

0 Comments