කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ...

 

කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබාදීමට සිදුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


ඒ, සම්ප්‍රේෂණ මාර්ගයක සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ය.


ඒ අනුව කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.


ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ , ඇතැම් උස් ප්‍රදේශවලට ජල සැපයුම අඩාල විය හැකි බවයි. 

Post a Comment

0 Comments