රාජ්‍ය පාලනය පිළිබඳ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට අවධානය...

 

මෙරට සංචාරයක නිරත ඉන්දීය යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඇත.


ඊයේ (01) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී මෙම හමුව සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.


ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා උපකාර කරන්නේ කෙසේද යන්න සහ ඵලදායී අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වාදීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයාබැලීම භාරත් ලාල්ගේ සංචාරයේ අරමුණවී තිබේ.


මහජන සේවාවන් සැපයීම සඳහා තොරතුරු තාක්ෂණය හඳුන්වාදීමෙන් ඉන්දීයාව කැපීපෙනෙන ප්‍රගතියක් ලබාඇති අතර ඒ හරහා රුපියල් බිලියන ගණනක මුදලක් ඉතිරි කරගැනීමට හැකිවී තිබෙන බව භාරත් ලාල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉන්දීය යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ භාරත් ලාල්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

Post a Comment

0 Comments