මාළු කිලෝව රුපියල් දහස ඉක්මවයි...

 

සෑම මත්ස්‍ය කිලෝවක්ම රුපියල් දහසකට වැඩි මිලකට අලෙවි වන බව පාරිභෝගික ජනතාව පවසයි.


බේරුවල ධීවරවරාය පරිශ්‍රයට අද (11) දිනයේ විශාල පිරිසක් මාළු මිලදී ගැනීමට පැමිණ සිටි අතර, ඔවුන් සඳහන් කළේ රජය ඉන්ධන මිල අඩු කළ ද එම වාසිය තමන්ට නොලැබෙන බවයි.


පසුගිය දිනවල රුපියල් 600 සිට 900 දක්වා මිල ගණන් වලට අලෙවි වූ මත්ස්‍ය කිලෝව අවුරුදු සමයේ රුපියල් දහස ඉක්මවා ඇති බව පාරිභෝගිකයින් පවසයි.


අද දිනයේ බේරුවල වරායේ අලෙවි වූ මත්ස්‍ය වර්ග කිහිපයක මිල ගණන් පහතින්,


තලපත් කිලෝව - රු. 1600 සිට රු. 1800

බලය කිලෝව - රු. 900 සිට රු. 1200

කෙලවල්ලා කිලෝව - රු. 1300 සිට රු. 1600 

ඉස්සො කිලෝව - රු. 1450 සිට රු. 1600

ලින්නා කිලෝව - රු. 700 සිට රු. 800

ලේනපරව් කිලෝව - රු. 700 සිට රු. 800


මේ අතර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මාළු මිලදී ගැනීම සඳහා බේරුවල ධීවරවරායට අළුයම සිට අතිවිශාල පාරිභෝගික ජනතාවක් පැමිණි බව බේරුවල ධීවර වරාය කියයි.


මත්ස්‍ය තොග හා සිල්ලර මිලදී ගැනීමට වෙනත් දින වලට වැඩි කාලයක් ධීවර වරාය පරිශ්‍රය විවෘත කර තබන බවත් මෙම දින කීපය තුළ ලක්ෂ 4 ක පමණ පාරිභෝගික ජනතාවක් බේරුවල ධීවරවරාය පරිශ්‍රයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කීහ.

Post a Comment

0 Comments