ලුණුගම්වෙහෙර ස්පීල්යාය ප්‍රදේශයේ නිවසක් තුළ සිටිය දී පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු ව තිබේ.
එහි දී වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කිරීමට යන අවස්ථාවේ මරණයට පත්ව තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙලෙස මරණයට පත් ව ඇත්තේ වයස අවුරුදු 37ක් වන පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා නිවස තුළ ආලෝකය නොමැති නිසා ඉටිපන්දමක් දල්වා එහි ආලෝකයෙන් නිවසේ රැදී සිටීමේ දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
වැඩිදුර මරණ පරීක්ෂණ සඳහා මෘත දේහය ලුණුගම්වෙහෙර රෝහලේ මෘත ශරීරාගයේ තැම්පත් කර අති බව පොලිසිය තවදුරටත් සඳහන් කළේය.
0 Comments