ලංගමට නව බඳවාගැනිම්...

 

රියැදුරන් 800 දෙනෙකු හා කොන්දොස්තරවරුන් 275 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. 


එහි සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළේ, කඩිනමින් අදාළ බඳවා ගැනීම් සිදුකරන බවයි.


ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින රියැදුරු පුරප්පාඩු සංඛ්‍යාව, 1,035 ක්.


ඊට අමතරව කොන්දොස්තරවරු 450 දෙනෙකුගේ ද, හිඟයක් පවතින බව ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ ය.


නව බඳවා ගැනීම් හරහා පුරප්පාඩු සංඛ්‍යාව අඩුවන බව, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ ය.

Post a Comment

0 Comments