බ්‍රික්ස් සංවිධානයෙන් අලුත් මුදල් ඒකකයක්...

 



බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටී.


මෙම නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් එළැ‍ඹෙන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම්ව ඇත. 


විදෙස් වාර්තා පවසන්නේ රුසියානු - යුක්රේනය යුද ගැටුමත් සමඟ බටහිර රටවලින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවීමත් සමඟ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රුසියාව මෙම නව මූල්‍ය ඒකකයක් නිර්මාණය කිරීමේ පිටුපස සිටින බවය.


මේ අතර රුසියානු - යුක්‍රේන යුද ගැටුම හේතුවෙන් සම්බාධක පැනවිමට ලක්ව ඇති රුසියාව මේ වනවිට සිය වෙළඳාම් සිදු කිරිම සඳහා අමෙරිකා එක්සත් ජනපද ඩොලරය වෙනුවෙනට චිනයේ යුවාන් මුදල් ඒකකය වැඩිවශයෙන් භාවිතා කර ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කර සිටී.


ඉකුත් සතියේ මොස්කව් හිදී රුසියානු ජනපති සහ චීන ජනපති හමුවු අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ චීන මුදල් මගින් රුසියාව , ආසියානු රටවල් සහ ලතින් අමෙරිකානු රටවල් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බවය. 


පසුගිය වසරේ චිනය සහ රුසියාව අතර වෙළඳ වටිනාකම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 190ක් වන අතර මේ සඳහා ගෙවීම් කරනු ලැබ ඇත්තේ රුසියානු සහ චීන මුදල් ඒකක වලින් වීම විශේෂත්වයකි.

Post a Comment

0 Comments