ගිනිකෙළි වෙළෙඳසැලක් ගිනිගනී...

 

ගිරිඋල්ල ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකර තිබූ ගිනිකෙළි වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.


ඊයේ(13) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර ගිරිඋල්ල පොලීසියේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ගින්න මැඩපවත්වා ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේය. 


ගින්න හේතුවෙන් එම වෙළෙඳසැලේ තිබු සියලු ගිනිකෙළි තොඟ විනාශ වී තිබේ.


ගින්නෙන් දෙපස තිබූ වෙළෙඳසැල් දෙකක දේපළවලට ද හානි සිදුව ඇති බව වාර්තා වෙයි.


ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment

0 Comments