රාජ්‍ය ඇමති සියඹලාපිටිය රිය අනතුරකට ලක්වෙයි...


 

කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ගමන්ගත් සුඛෝපභෝගී ජිප්රථය අනතුරකට ලක්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී වාහනය තුළ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙක් සිට ඇත.


අප වාර්තාකරු පැවසුවේ අනතුරින් සියඹලාපිටිය ගේ ආරක්ෂක නිලධාරියා තුවාල ලබා රෝහල් ගතකළ බවය.


මේ අතර සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ද මේ වනවිට කරවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ආසන්නයේ මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ජිප් රථය අනතුරට ලක්ව තිබේ.


Post a Comment

0 Comments