නීතිවිරෝධී ලෙස ගබ්සා සිදුකළ කොස්තාපල් කොටුවෙයි...

 

අධික මුදලක් ලබාගෙන නීතිවිරෝධී ලෙස ගර්භනී කාන්තාවන් ගබ්සාවන්ට ලක්කිරීමේ යෙදුණු පොලිස් කොස්තාපල්වරයෙකු හොරණ පොකුණුවිට ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය පවසයි.


ඔහුට කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැති බවද සඳහන් වෙයි.


සැකකරු සන්තකයේ තිබී ගබ්සා සිදුකිරීමට යොදා ගන්නා බවට සැකකෙරෙන පෙති වර්ගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනියුක්තව සේවය කරන රියදුරෙක් බව වාර්තා වෙයි.

Post a Comment

0 Comments