ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්...

 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවාධරණය කළේය.


එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය.


ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, විශිෂ්ටතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (20) පැවති “බිස්නස් ටුඩේ” සම්මාන උළෙල අමතමිනි.


පවතින තත්ත්වයෙන් මිදීමට දිගුකාලීන විකල්ප මොනවාද? මධ්‍ය කාලීනව විකල්ප මොනවාද? යන්න සොයා ගැනීම තුළින් හොඳ ප්‍රථිඵල ලබා ගත හැකි බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


 එමෙන්ම කෘත්‍රිම බුද්ධිය ගැන රටක් ලෙස අවධානය යොමු කළ යුතු අතර ඒ වෙනුවෙන් ලබන වසරේ රුපියල් බිලියනයක් වෙන් කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Post a Comment

0 Comments