පරවියන් පුළුස්සා කෑ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට...

 

අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් විනෝදයට ඇතිකරන ලද පරෙවියන් සොරකම් කර ඒම පරවියන් මරා පුළුස්සා කෑමට ගත් තරුණයන් තිදෙනෙකු අළුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.‍


අදාල සැකකරුවන් විසින් අදාල වීඩියෝව වට්සප් සමාජ මාධ්‍ය ඔස්සේ ඒම පරවියන්ගේ හිමිකරු වෙත යොමුකර ඇති අතර ඔහු විසින් අලුත්ගම පොලීසියට සිදුකරනු ලැබූ පැමිණිල්ල මත අදාල සැකකරුවන් ඊයේ (29) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම සොරකම පසුගිය 26 වැනි දින දර්ගා නගරය ඉස්තාපුල්ලා පාර ප්‍රදේශයේ නිවසක පරෙවියන් සිටි කූඩුවක් කඩා සිදුකර තිබේන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයන් බවත් සඳහන්.


අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හෙට (30) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment

0 Comments