ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය කිහිපයක්...

 



සිංහල අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ දුම්රිය සේවා කිහිපයක් අද (16 ) උදෑසන සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන් . ජේ . ඉදිපොලගේ පවසයි.


ඒ අනුව එම විශේෂ දුම්රිය බදුල්ල, බෙලිඅත්ත, ගාල්ල සිට කොළඹට ධාවනය කෙරෙන බව ඔහු පැවසීය.


බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් උදේ 8:30ට, ගාල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 6:00 ට සහ බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 7:00ට, සවස 5:20ට සහ සවස 6:00 ට මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරේ.

Post a Comment

0 Comments