මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළට...

 

ලොව පුරා මුහුදු ජලයේ උෂ්ණත්වය වාර්තාගත අයුරින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයන් පවසයි.


පසුගිය මාසයක කාලය පුරා එම තත්ත්වය දක්නට ලැබෙන බව ඔවුන් අනාවරණය කරයි.


ඇමෙරිකානු සාගර හා වායුගෝලීය අධිකාරිය විසින් ඉකුත් මාසයක කාලය තුළදී චන්ද්‍රිකා ආශ්‍රයෙන් මේ සම්බන්ධයෙන් දත්ත රැස් කරගෙන ඇත.

 

මේ හේතුවෙන් දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම ශීඝ්‍රයෙන් වැඩි වන බව ද ඔවුන් පෙන්වා දෙයි.

 

මෙම තත්ත්වයත් සමග මුහුදු ජල මට්ටම ඉහළ යෑම, අයිස් කඳු දියවීම වේගවත් වීම, මුහුදේ වාසය කරන ඇතැම් ජීවින්ගේ පැවැත්ම අඩු වීම සහ කොරල් පර දිය වී යෑමටත් හේතුව මෙය වන බව විද්‍යාඥයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Post a Comment

0 Comments