2023 පළමු මාස තුන තුළ එක්සත් ජනපදයේ පාවිච්චි කරන ලද ඉලෙක්ට්‍රික් වාහනවල අලෙවිය 32% කින් ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණ වාර්තා අනුව හෙළි වී තිබේ.
Cox Automotiv නැමති සමීක්ෂණ ආයතනය පෙන්වා දී ඇත්තේ, එක්සත් ජනපදයේ පාවිච්චි කරන ලද ඉලෙක්ට්‍රික් වාහනවල මිල සැලකියුතු ලෙස පහළ බැසීම මෙයට හේතු වී ඇති බවය.
ප්‍රමුඛ පෙළේ මොටර් රථ නිෂ්පාදන සමාගමක් වන Tesla සමාගම විසින් ඔවුන්ගේ නව වාහන මිල ගණන් පහළ හෙළීම මෙයට ප්‍රධානතම හේතුව වී ඇත.
ඒ අනුව එක්සත් ජනපදයේ රථ වාහන ලැයිස්තුගත කිරීම් අනුව මේ වන විට භාවිතා කරන ලද ඉලෙක්ට්‍රික් වාහනයක සාමාන්‍ය මිල ඩොලර් 43,400ක් පමණ අගයක පවතින බව සඳහන් වේ.
Tesla සමාගම විසින් පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජනපදයේ ඉලෙක්ට්‍රික් රථවල මිල ගණන් 2% සිට 6%ක් දක්වා පහළ දමා ඇති බවත් එය මෙම වසරේ මිල පහළ දැමු පස්වන අවස්ථාව මෙය බවත් සමීක්ෂණ වාර්තා පෙන්වා දී ඇත.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එක්සත් ජනපදයේ 2023 පළමු කාර්තුවේදී ඉලෙක්ට්‍රික් වාහන 225,000කට වඩා අලෙවි වී ඇති බවය.


0 Comments