කරාපිටියේ සී.ටී. ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රීයයි...

 

ගාල්ල - කරාපිටිය රෝහලේ පවතින සී.ටී. ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවට පත්ව තිබේ.


එක් යන්ත්‍රයක් පසුගිය වසරේ අක්‍රීය වූ අතර, අනෙක් යන්ත්‍රය ද මීට මාස කිහිපයකට පෙර අක්‍රීය වී ඇති බවයි වාර්තා වේ.


කෙසේ වෙතත් එය යථා තත්වයට පත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙනුයි රෝගීන් මෙලෙස අපහසුතාවට පත්ව ඇත.


ඒ හේතුවෙන් සී.ටී. පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලින් සිදුකරගැනීමට රෝගීන්ට සිදුව තිබේ.

Post a Comment

0 Comments