ගලෙන්බිඳුණුවැව කොකාවැව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව කොකාවැව පොලිස් ස්ථානයේ නිළදාරීන් කණ්ඩායමක් දුටුවැව කටරම්පුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී , කොළඹ සිට දුටුවැව ප්‍රදේශයට යතුරුපැදියකින් මත්ද්‍රව්‍යය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මත් කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 600 ක් සොයාගෙන තිබේ
සැකකරු දුටුවැව කටාරම්පුර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි
ඔහු යුද හමුදා සේවයේ නිරතව සිට ඇති අතර මීට මාස 3 කට ඉහතදී හෙරොයින් ජාවාරමේ නිරතවීමේ චෝදනාවකට වරදකරු වී යුධ හමුදා සේවයෙන් තාවකාලිකව ඉවත්කළ පුද්ගලයකු බව ද පොලිසිය සිදුකල මුලික පරික්ෂණ වලින් අනාවරණය වී ඇත
සැකකරු හෙට( 08) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොකාවැව පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි
 


 
 
 
 
 
 
 
 
0 Comments