භූමිතෙල් ඩොලර් ඉල්ලමක් වෙලා...

 

භූමිතෙල් මිල වැඩිවීමත් සමග පාරිභෝගිකයන් විකල්ප වෙත ගොස් භූමිතෙල් පරිභෝජනය අඩුකිරීමෙන් රටට ඩොලර් උපයන මාර්ගයක් පෑදී ඇති බව ඛනිජ තෙල් සංස්ථාව පෙන්වාදෙයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් නිපදවෙන භූමිතෙල් වැඩිදියුණු කර ගුවන් යානා සඳහා සැපයීමට හැකිවීමෙන් මෙම වාසිය ලැබී ඇත.


සපුගස්කන්ද පිරිපහදුවේ පරිපහදු කරන ඉන්ධනවලට ජාත්‍යන්තර යානාවලින් වැඩි ඉල්ලුමක් ලැබීම හමුවේ මෙම වාසිය ලැබී ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පැවැසීය.


මාර්තු මාසයේ ඩොලර් මිලියන 32ක්ද, පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 30ක් ද, ජනවාරි මාසයේ ඩොලර් මිලියන 30ක්ද ලෙසින් ගුවන් යානාවලට ඉන්ධන විකුණා ලබාගෙන ඇත.


මෙතෙක් ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට සතියකට පෙර ඩොලර් ගෙවා ඉන්ධන වෙන්කර ගැනීමට සිදු වුවත් ඔවුන්ගේ දැඩි ඉල්ලුම මත දිනකට පෙර ඩොලර් ගෙවා ඉන්ධන ලබාගැනීමට ඉඩ ලබාදීමට තීරණය කර ඇත.

Post a Comment

0 Comments