මේ වසරේ දී ගිනිකෙලි අලෙවිය ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති දිනේෂ් ප්‍රනාන්දු කියා සිටියේ අවශ්‍ය අමුද්‍රව්‍ය නිසිකලට නොලැබීම හේතුවෙන් නිෂ්පාදනය 20%කින් පමණ පහත වැටී ඇති බවයි.
කෙසේ වෙතත්, පසුගිය දෙසැම්බරයට සාපේක්ෂව මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ගිණිකෙළි මිල ගණන් ඉතා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් සහ අලෙවිකරුවන් ප්‍රකාශ කරති.

0 Comments