කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයේ සැක කටයුතු මළ සිරුරක්...

 

කැස්බෑව මාකන්දන විතානන්- පේරුව වංගුවේ සැකකටයුතු අයුරින් යතුරුපැදියක් සමග වැටී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(14) අලුයම හමුවූ බව කැස්බෑව පොලිසිය පවසයි.


මෙලෙස මියගොස් තිබුණේ බොරලැස්ගමුව වැව පාරේ පදිංචිව සිටි 34 හැවිටිදි පුද්ගලයෙකි.


කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ විතානන් පේරුව වංගුවේ යතුරුපැදිය බණ්ඩාරගම දෙස සිට පැමිණීමේදී වැටී ඇදී ආ බවට මාර්ගයේ සලකුණු දක්නට ඇති අතර මළ සිරුර මාර්ගයේ මුනින් අතට තිබූ බව පොලිසිය පවසයි.


මියගිය ගිය පුද්ගලයාගේ මුහුණේ බරපතල තුවාල සිදුවී තිබූ අතර කන්වලින් ලේ වැගිරෙමින් තිබී ඇත.


මෙම මරණය යතුරුපැදිය ලිස්සා ගොස් අනතුරට ලක්වී සිදුවූවාද ? එසේත් නොමැති නම් වෙනත් වාහනයක් යතුරුපැදියේ ගැටී සිදු වූ වාද? යන්න හා වෙනත් සිද්ධියක් මුල් කරගෙන මරණය සිදු වූවා ද යන්න පැති කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.


ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වීය.


කැස්බෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments