කටාන ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වන පීටර් හපුආරච්චි ඝාතනයට ලක්ව තිබේ.
වනාතවිල්ලුව පොලිසිය පැවසුවේ පීටර් හපුආරච්චිට අයත් පොල්වත්තක මුර කුටිය තුළ තිබී ඔහුගේ මළසිරුර අද (28) සොයාගත් බවයි.
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි පීටර් හපුආරච්චි ඔහුට අයත් ඉඩමේ පොල් කැඩීම සඳහා ඊයේ (27) උදෑසන වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි එම ඉඩමට ගොස් සිට ඇත.
එම වත්තේ කඩන ලද පොල් තොගයෙන් කොටසක් පොල් වෙළෙන්දෙකුට විකුණා ඇති අතර, එම පොල් වෙළෙන්දා ඉතිරි පොල් තොගය රැගෙන යෑමට අද (28) දිනයේ වත්තට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
පීටර් හපුආරච්චි පෙනෙන්නට නොසිටි නිසා විපරම් කර බැලීමේදී ඔහු මුර කුටිය තුළ අත් පා ගැට ගසා ඝාතනය කර තිබෙන අයුරු දැක ඒ බව පොලිසියට පැමිණිලි කර ඇත.
එම පොල් වත්තේ මුරකරු ලෙස සිටි පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පීටර් හපුආරච්චිගේ ඝාතනයෙන් පසු අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.
පලාගිය අඹුසැමි යුවළ ගැන මේ වනතුරු කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
0 Comments