පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි...

 

සිංහල හා දෙමළ පාසල්වල 2023 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද(17) ආරම්භ වේ.

 

 එය ලබන මස 26 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. මැයි මස 29 වැනිදා සිට ජුනි මස 08 වැනිදා දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට විධිවිධාන යොදා තිබේ.

 

මේ අතර විශ්ව විද්‍යාලවල දේශන අද සිට යළි ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත.

Post a Comment

0 Comments