හිටපු මන්ත්‍රීගේ බිරිඳට පිහියකින් ඇනලා...

 

බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සමිත කවිරත්නගේ බිරිඳ පිහි ඇනුමකට ලක්වී රෝහල්ගත කර ඇතැයි වාර්තා වෙයි.


බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ ඇය විසින් පවත්වාගෙන යන අලෙවිසැලක් තුළදී එම සිදුවීම සිදුවී ඇත.


සිද්ධියට සම්බන්ධ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් අඟල් 05ක් පමණ දිගැති පිහිය ද සොයාගෙන ඇත.


අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.


පහරකැමට ලක්වූ කාන්තාව කළුතර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.


සිද්ධියට හේතුව පෞද්ගලික ආරවුලක් බව බේරුවල පොලීසිය සැක කරයි.

Post a Comment

0 Comments