බෝක්කුවක් යට මළසිරුරක්...

 



කොටපොල හිගුරුපනාගල ප්‍රදේශයේ බොක්කුවක් යට තිබී පුද්ගල මළසිරුරක් අද (13) උදෑසන සොයාගෙන තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ වරල්ල, පෝරුපිටිය, නිල්නදිගම පදිංචිව සිටි 29 හැවිරිදි දිල්ෂාන් චතුරංග නමැති විවාහකයෙකු බව පොලීසිය කියයි.


ඔහු දෙනියාය අකුරැස්ස පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කර ඇති අතර ඊයේ (12) බස් රථය රාත්‍රි 7.30 ට පමණ දෙනියායෙන් නතර කර ඇති බව වාර්තා වෙයි.


පසුව රාත්‍රි 10.15 ට පමණ බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ තවත් මිනිත්තු 10 කින් පමණ නිවසට පැමිණෙන බවටය.


තම සැමියා රාත්‍රියේ නිවසට නොපැමිණි නිසා නිවස අසල පාළු කඩ කාමරයේ නිදාසිටීදැයි සොයාබැලීම සඳහා ඇය උදෑසන පැමිණ ඇති අතර එහිදී ද සැමියා නොමැතිවීම නිසා ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන තිබේ.


පසුව මාර්ගය අසල සොයාබැලීමේදී බෝක්කුව යට සැමියාගේ දුරකථනය නාදවූ බැවින් එහි සැමියාගේ මළසිරුර දුටු බව ඇය පොලීසියට පවසා ඇත.


මළසිරුර සොයාගෙන ඇත්තේ දෙනියාය අකුරැස්ස ප්‍රදාන මාර්ගයේ බිරිදගේ නිවස ඉදිරිපිට 47 බෝක්කුව යට තිබියදීය.

Post a Comment

0 Comments