කළුතර පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරියක් මාළු කපන මන්නයකින් ගෙල කපා ඝාතනය කර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
කළුතර උතුර කැලිඩෝ පාරේ, පදිංචිව සිටී ඩබ්ලිව් ප්‍රේමවතී නැමැති 68 හැවිරිදි කැඩුම් බිදුම් වෛද්‍යවරියක වන දෙදරු මවක් මෙසේ මියගොස් තිබේ.
ඇය කළුතර උතුර කැලිඩෝ පාරේ වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර , සිය දියණිය පදිංචි නිවසේ පදිංචිව සිටින බවත් , ඝාතනය සිදුවන මොහොතේ දියණිය සහ ඇයගේ දරු දෙදෙනා පමණක් නිවසේ සිට ඇති බවත් පොලිසිය පැවසිය.
මළසිරුර පෙරේදා (27) අළුයම 5 ට පමණ නිවස පිටුපස වැටී සිටින අයුරු දියණිය දැක පොලිසියට දැනුවත් කර ඇත.
ඝාතනය සඳහා යොදාගත් බවට සැක අඩි දෙකකට ආසන්න දිගකින් යුත් ලේ තැවරුන මන්නා පිහිය මළසිරුර අසල වැටී තිබෙන අයුරු දැකගත හැකිවිය.
එම පිහිය ඇය පදිංචිව සිටී දියණියට අයත් නිවසේ මුළුතැන්ගෙයි මාළු මස් කැපිම සදහා භාවිතා කල එක බවද පොලිස් පරීක්ෂණ වලදී අණාවරණය වී ඇත.
0 Comments