අනියම් ප්‍රේමය නිසා තම සැමියාව ඝාතනය කිරීමට රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බිරිඳක්ව ඊයේ (23) දිනයේ ආණමඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය එම අනියම් ඇසුර පවත්වාගෙන ගොස් ඇත්තේ තම ස්වාමි පුරුෂයාගේ හොඳම මිතුරා සමඟ බවයි වාර්තා වේ.
ඒ අනුව එම මිතුරා ද ඇතුළුව තවත් පුද්ගලයින් සිව් දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන හොඳම මිතුරා මිරිහාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පිරිසක් විසිනි.
සැකකාර බිරිඳ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්ය.


0 Comments