IMF රැස්වීමක් අද වොෂිංටන්හිදී...

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)සාමාජිකයින් සහභාගීවන රැස්වීමක් අද (10)වොෂිංටන්හිදී ආරම්භ වෙයි. 


ලබන 16 වැනිදා දක්වා පැවැත්වෙන එම රැස්වීම සඳහා මෙරට නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහභාගිවීමට නියමිතයි.


මෙම රැස්වීමේදී මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. 


පසුගිය වසරේදී ජාත්‍යන්තර අරමුදලේ සහය ඉල්ලා සිටියේද මෙම රැස්වීමේදී බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ ය.

Post a Comment

0 Comments