චරිත් අසලංක T20 ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට...

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු චරිත් අසලංක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 20-20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට පැමිණ තිබේ.


ඒ අනුව චරිත් අසලංකට හිමිව ඇති නවතම ස්ථානය 23 වේ.


මීට පෙර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 20-20 පිතිකරු ශ්‍රේණිගත කිරිම් හි 35 වන ස්ථානයේ පසුවිය.


චරිත් අසලංකට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 572කි. 


25 හැවිරිදි චරිත් අසලංක 20-20 තරග 36 කදී අර්ධ ශතක 4ක් සමගින් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 820කි. 

Post a Comment

0 Comments