පාසල් සිසුවෙක් කළ වෙඩිතැබීමකින් සිසුන් 8ක් මිය යයි...

 



14 හැවිරිදි සර්බියානු සිසුවෙක් පාසල තුළ සිදුකළ වෙඩි තැබීමකින් සිසුන් 8දෙනෙකු සහ පාසල් ආරක්ෂකයෙකු මියගොස් තිබේ.


වෙඩි තැබිම සිදුව තිබුණේ සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවර පිහිටි ප්‍රාථමික පාසලක් තුළය.


සැකකාර සිසුවා එම වෙඩිතැබීම සිදුකර තිබුණේ සිය පියාගේ ගිනිඅවිය භාවිතා කරමිනි.


ප්‍රහාරයෙන් තවත් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරයෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.


ප්‍රහාරයට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඊට අදාළ විමර්ශන ක්‍රියාත්මකය.

Post a Comment

0 Comments