එළවළු කෑම වැඩිවෙයි...

 



එළවළු පරිභෝජනය 40%කින් පමණ ඉහළ ගොස් තිබේ. එළවළු තොග මිල පහළ යාමත් සිල්ලර වෙළඳ පොළේ මිල ස්ථාවර වීමත් සමග පරිභෝජනය ඉහළ ගොස් තිබෙන බව තොග වෙළෙන්දෝ පැවසූහ.


එළවළු තොග සහ සිල්ලර වෙළෙඳාම වසර කීපයකට පසුව මෙලෙස ඉහළ ගොස් තිබෙන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි අරුණ කළ විමසීමේදී ඊයේ (30 වැනිදා) පැවැසුවේය.


තොග ගැණුම්කරුවන්ගේ පැමිණීමද පහළ ගොස් තිබිණි.


ලැබුණ සියලුම එළවළු තොගවල කිලෝවක මිල රුපියල් දෙසීය ඉක්මවා නොගිය බවත් ඊයේ (30 වැනිදා) එළවළු කිලෝ ලක්ෂ 07ක් පමණ ලැබුණ බවත් දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් අයි.ජී. විජයානන්ද පැවැසීය.


අමු මිරිස් කිලෝවක් රුපියල් 180ක්, වම්බටු කිලෝවක් රුපියල් 200ක්, කැරට් සහ ලීක්ස් කිලෝවක් 140ක්, බෝංචි කිලෝවක් රුපියල් 150ක්, තක්කාලි කිලෝවක් රුපියල් 100ක්, වට්ටක්කා කිලෝවක් රුපියල් 45ක උපරිම තොග මිලක් ලැබුණ බවද ලේකම්වරයා පැවැසීය.

Post a Comment

0 Comments