ඉල්ලීම් නවයක් මුල් කර ගනිමින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල සියලු කථිකාචාර්යවරු හෙට (23 වැනිදා) අසනීප නිවාඩු දමා සේවයට නොපැමිණෙති.
දීප ව්‍යාප්ත සේවාවන්ට පමණක් ක්‍රියාත්මක වන නිර්බාධ උසස්වීම් ක්‍රමය විධායක ගණයේ සේවාවක් වන ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ට ද ලබාදීම සඳහා සතියක් ඇතුළත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම, ගුරු සේවයේ වැටුප් වැඩි කිරීම නිසා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්ට ඇති වූ වැටුප් විෂමතාව ඉවත් කිරීම සහ එම වැටුප් විෂමතාව ඉවත් කරන තෙක් එම නිලධාරීන්ට රුපියල් තිස් දහසක දීමනාවක් ලබා දීම ද ඔවුන්ගේ ඉල්ලීම් අතර වෙයි.
එමෙන් ම ගුරු අධ්‍යාපන විශ්වවිද්‍යාලය හැකි ඉක්මනින්ම ආරම්භ කිරීම, සේවා ව්‍යවස්ථාවේ සඳහන් තනතුරු සඳහා මාසිකව දීමනාවක් ලබාදීමට පියවර ගැනීම, විද්‍යාපීඨවල පැවතිය යුතු ශාස්ත්‍රීය නිදහස සහ ස්වාධීනත්වයට හානි වන ලෙස ඉදිරිපත් කර තිබෙන 3/2023 චක්‍රලේඛය අහෝසි කිරීම යන ඉල්ලීම් ද ඉදිරිපත් කර තිබෙන බව ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමයේ ලේකම් ධම්මික මිරිහාන ‘අරුණ’ට ඊයේ (21වැනිදා) පැවසීය.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් සති දෙකක් තුළ අමාත්‍යාංශය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවද ලේකම්වරයා කීවේය.
එමෙන්ම විද්‍යාපීඨවල නේවාසිකාගාර ඇතුළු සෙසු පහසුකම් නිසි පරිදි ලැබෙන තෙක් නව බඳවා ගැනීම්වලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය එලෙසම පවතින බවද ඒ මහතා සඳහන් කළේය.


0 Comments