තියුණු ආයුධ රැගෙන බොරැල්ල සිරි සර උයන ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පුද්ගලයන් තිදෙනෙක් එහි සිටි පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බොරැල්ල බේස්ලයින් මාවත පදිංචිව සිටි 28 හැවිරිදි පුද්ගලයෙකි
මියගිය පුද්ගලයා එම නිවස තුළ රැඳී සිටියදී නිවසට කඩා වැදී තිබූ පුද්ගලයන් තිදෙනා එම පුද්ගලයා කපා කොටා පලාගොස් තිබිණි
බරපතල තුවාල ලද පුද්ගලයක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත
කලක සිට දෙපාර්ශවය අතර පැවැති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

0 Comments