මාගල්කන්ද වෙර‍ළේ මුහුදු කිඹුලෙක්...

 

බේරුවල මාගල්කන්ද මුහුදු වෙරළ ආසන්නයේ දින ගණනාවක සිට ගැට කිඹුලෙක් සැරිසරන බව ප්‍රදේශවාසීහූ පවසති.


එම කිඹුලා අද (16) පස්වරුවේ ද වෙරළ ආසන්නයේ සැරිසරන ආකාරය ප්‍රදේශයේ වාසීන් දැක තිබේ.


කිඹුලා අඩි පහකට ආසන්න දිග බවද සදහන් වේ.


මේ හේතුවෙන් ධීවරයින් ද තරමක භීතියෙන් පසුවන බවත්, ප්‍රදේශයේ ජනතාව මුහුදු වෙරලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් සදහන් වේ.


හික්කඩුව වනජීවි කාර්යාලය දැනුවත් කර ඇති බවද පැවසේ.

Post a Comment

0 Comments