නුවරඑළිය නගරයේ පැවති සැණකෙළි භූමියට ලබාදී තිබු සුන්දර ක්‍රීඩාංගනය සැණකෙළි සංවිධායකවරු මුළුමනින්ම කුණු කන්දක් කර පරිසරය විනාශ කර ඇති බව නුවරඑලිය ප්‍රදේශයේ පරිසරවේදීන් කියා සිටියි.
සෑම වසරකම නුවරඑළිය නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කරන සැණකෙළිමාලාවට සමගාමීව ඉදිකරනු ලබන කාර්නිවල් සැණකෙළි භූමියේ ඉවතලන පොලිතින් ප්ලාස්ටික් බීර බෝතල් හා බීර ටින් , ඉදුල් ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සැණකෙළි භූමියේ ස්ථාන කිහිපයක විශාල ප්‍රමාණයෙන් ගොඩ ගසා ඇති බවත් , එලෙස ගොඩ ගැසීමෙන් ක්‍රීඩාංගනයෙ තණ නිල්ලට සහ පරිසරයට දැඩි හානියක් සිදුවන බවත් පරිසරවේදීන් පෙන්වා දෙති.
වැඩිදුර අදහස් දක්වමින් පරිසරවේදින් කියා සිටියේ ක්‍රීඩාංගනය සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියට අයත් භූමියක් වන අතර එහි කසළ කළමනාකරණය හා යටිතල පහසුකම් සැපයීම නුවරඑළිය මහා නගර සභාවට පැවරී ඇති වගකීමක් නමුත් නුවරඑළිය මහ නගර සභාවේ වගකිව යුතු බලධාරීන් හා සෞඛ්‍ය අංශය සියරාජකාරිය නිසි ලෙස ඉටු කිරීම පැහැර හරින බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සැණකෙළි සංවිධායකවරුන් කියා සිටියේ නුවරඑළිය මහ නගර සභාව නිසි වේලාවට කසල රැගෙන යාමට නොපැමිණෙන බැවින් සැණකෙළි භූමිය පුරා එකතු වන කැළි කසළ හා ඝන අපද්‍රව්‍ය තැන් තැන් වල ගොඩ තැබීමට සිදුවන බවයි.
මේ පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් අදහස් දක්වමින් කියා සිටියේ සැණකෙළි භූමියක් තුළ කසළ ඉවත් කිරීමට මහ නගර සභාවට යම්කිසි මුදලක් අය කරන අතර සැණකෙළි සංවිධායකවරුන් මුදල් ඉතිරි කිරීමේ අරමුණින් දෛනිකව එකතු වන කසල මහ නගර සභාවට භාරදීමට කටයුතු නොකරන නිසා දෛනිකව එකතු වන සියලුම අපද්‍රව්‍යයන් එකතු කර තැබීමෙන් සැණකෙළි භූමිය තුළ කුණු කන්දක් නිර්මාණය කර අප්‍රසන්න තත්ත්වයක් උදා කර ඇතිබවයි.
0 Comments