බහු ජාතික සමාගම් සහ මෙරට නිෂ්පාදිත සිසිල් බීම අලෙවි කිරීමේදී මෙරට ප්‍රධාන පෙළේ ඇතැම් සුපිරි වෙළෙඳසැල් පාරිභෝගිකයින් මුලා කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අනාවරණය කරගෙන ඇත.
සිසිල් බීම නිෂ්පාදන සමාගම් බෝතල්වල මිල සඳහන් කළද මෙරට ප්‍රධාන පෙළේ ඇතැම් සුපිරි වෙළෙඳසැල් අදාළ බෝතල්වල ලේබලයක් අලවා එමගින් මිල අඩු වූයේ යැයි හැඟෙන ආකාරයට පාරිභෝගිකයින්ට දැනුම් දීමක් සිදු කරයි.
එයට උදාහරණයක් ලෙස යම් සිසිල් බීම බෝතලයක නිෂ්පාදන මිල රුපියල් 250ක් ලෙස සඳහන් වූයේ නම් සුපිරි වෙළෙඳසැල් විසින් අලවන ලද ලේබලයේ සඳහන් වන්නේ මෙය මීට පෙර තිබුණේ රුපියල් 270ක මුදලකට බවත් එය දැන් රුපියල් 20කින් අඩු වී ඇති බවත්ය.
මෙරට ප්‍රධාන පෙළේ ඇතැම් සුපිරි වෙළෙඳසැල් හරහා සිදු කරන මෙම වංචාව සම්බන්ධයෙන් ඉදිරියේදී නඩු පැවැරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේය.
0 Comments